ශ්‍රීමත් ආතර් සි ක්ලාක්
- ශ්‍රීමත් ආතර් සි ක්ලාක්
ලෝකයම එකම ගම්මානයක් බවට පත්කරමින් චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණ
සංකල්පයේ පියා බවට පත් වූ කීර්තිමත් විද්‍යා ප්‍රබන්ධ ලේඛක ආතර් සි ක්ලාක් පිළිබඳව
ලිපියක් ගෙන එන්නට අප අදහස් කළා.
විද්‍යා සාහිත්‍ය වෙනුවෙන් ඉතා විශාල පොත් හා ලිපි ගණනාවක් ලියා
ඇති ක්ලාක් විද්‍යා අනාවැකි කරුවෙකු ලෙස විවිධ ක්ෂේත්‍ර වලින් කැපී පෙනුණු අතර
විශේෂයෙන් මොහු අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් වන්නේ 1945 වසරේදී “වයර් ලස්
වර්ල්ඩ්” (Wireless World) සඟරාවට ලිපියක් යවමින් චන්ද්‍රිකා ත්‍රිත්වයක් භාවිතා
කරමින් කළ හැකි අන්තර් මහාද්වීපික විද්යුත් සන්නිවේදන ශක්‍යතාව පිළිබඳ වන “භූ ස්‌ථාවර
චන්ද්‍රිකා” සංකල්පය ඉදිරිපත් කිරීම හේතුවෙන්.
ඉතින් අද ලිපියේ ඉඩ විවර වෙන්නේ 50 දශකයෙන් පසු තම ජිවිතයේ වැඩිම
කාලයක් ලංකාවේ ගතකල ආතර් සි ක්ලාක් හෙවත් ආතර් චාල්ස් ක්ලාක් පිළිබඳවයි.
Comments
Post a Comment